තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි යන්න පිළිබඳ සමාජයේ පවතින ප්‍රශ්නය එලෙසම තිබෙන්නට ඉඩ හරින බව ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ දැයි මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලා.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කලේ තමන් ඕනෑම අයෙකු සමඟ සාකච්ඡා කිරීමටද සූදානම් බවයි.
එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ගැනද ජනාධිපතිවරයා සිය අදහස් පල කර තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කර ගත හැකි බවයි.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවසන ආකාරයට අතිවිශාල ණය කපා හැරීමක් බලාපොරොත්තු විය නොහැකි බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ..
තවද මෙම වසර තුළ වැටුප් වැඩි කිරීමක් සිදු නොකරන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඡන්දයක් පැවැත්වීමට නියමිත මොහොතක වෘත්තිය සමිති වැඩවර්ජනවල නිරත වීම අනුමත නොකරන බවයි අවධාරණය කර ඇත්තේ.

WhatsApp Group

Skip to content