දකුණු අප්‍රිකාණු කණ්ඩායමට එරෙහි දෙවන පන්දුවාර 20යි 20 තරගයෙන් කඩුලු 08ක ජයක් හිමිකර ගන්නට ඔස්ටේ්‍රලියාව සමත් වුණා.

ඩර්බන් හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 164ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔස්ටේ්‍රලියාව පන්දුවාර 14 යි පන්දු 5ක් තුළ කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 168ක් ලබා තරගය ජයග්‍රහණය කළා.

නායක මිචෙල් මාර්ෂ් පන්දු 39කදී නොදැවී වේගවත් ලකුණු 79ක් රැස් කළා.

WhatsApp Group

Skip to content