දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයෙන් ඔස්ටේ‍රලියාව හමුවේ කඩුලු 10 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඊයේ සිදු වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ටේ‍රලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 112 ක් පමණයි.

නායිකා චමරි අතපත්තු ලකුණු 16 කට දැවී ගිය අතර, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 34 ක් හා විශ්මි ගුණරත්න ලකුණු 24 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ටේ‍රලියාව පන්දුවාර 15යි පන්දු 5 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 113 ක් ලබා ගනිමින් ජයග්‍රහනය සපුරා ගත්තා.

ඇලීසා හීලී නොදැවී ලකුණු 54ක් හා බෙත් මූනි නොදැවී ලකුණු 56ක් රැස් කළා.

ඔස්ටේ‍රලියාව මේ වන විට ක්‍රීඩා කළ තරග තුනම ජය ගනිමින් පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, ක්‍රීඩා කළ තරග තුනෙන් තරග 2ක් ජය ගත් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

WhatsApp Group

Skip to content