සංචාරක ඔස්ටේ‍රලියානු කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරඟය කඩුළු 02න් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ‍රලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් දැවී රැස් කළ ලකුණ සංඛ්‍යාව 208ක්.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ජොෂ් ඉංග්ලිෂ් පන්දු 50කදී ලකුණු 110ක් රැස් කළා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 209ක් රැස් කර ගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමටයි සමත් වුණේ.

ඉන්දී කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වූ සූර්යකුමාර් යාදව් පන්දු 42දී වේගවත් ලකුණු 80ක් රැස් කළා.

 

WhatsApp Group

Skip to content