රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එළඹෙන වර්ෂයේ පැවැත්වෙන ඔලිම්පික් තරඟාවලියට සහභාගි වීමට අවසර හිමිව තිබෙනවා.

තරඟාවලියට සහභාගිවීමේ අවස්ථාව සැමට ලබාදීමේ මානුෂීය හේතූන් සලකා බලමින් අන්තර්ජාතික ඔලිම්පික් සම්මේලනය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

2024 වර්ෂයේදී ප්‍රංශයේ පැරිස් හිදී ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතයි.

මෙම තීරණය රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලෝක මට්ටමේ තරග සඳහා සහභාගිවීමට නව දොරටු විවර කිරීමක් බවයි ක්‍රීඩා විචාරකයින් පවසන්නේ.

පසුගිය වසරේ මාර්තු මාසයේ දී රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමගින් ලොව බොහෝ රටවල් රුසියාව විවේචනයට ලක් කරමින් ඔවුන්ට සිය රටවල දොරගුළු දැමුවා.

එම නිසා රුසියාව නියෝජනය කළ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලෝක මට්ටමේ තරගාවලි ද අහෝසි වූ අතර පසුගිය පාපන්දු ලෝක කුසලානයද ඒ අතර වනවා.

WhatsApp Group

Skip to content