බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කිසිවකු තමන්ට අභියෝගයක් නොවන බවත්, ඔහුගේ පවුලේ ලොක්කෝ පොඩ්ඩෝ සැවොම ගෙදර යැවීමට කටයුතු කළේ තමන් බවත් ශ්‍රී ලංකා නිදහස්පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

බැස්ලි රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීම සම්බන්ධයෙන් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස්පක්ෂය මූලිකත්වයෙන් සකස් කරන පොදු සන්ධානයේ නම, ලකුණ හා වැඩපිළිවෙළ ඉදිරිසතිය තුළ ප්‍රකාශයට පත් කරන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.

එමෙන්ම මෙම සන්ධානයට මේ වන විට දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් සම්බන්ධ වී තිබෙන අතර, ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා සන්ධානය සකස් කර තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content