ඔස්ට්රියාවේ වියානා හි පැවති ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදයේ දී, පුළුල් ප්රතිසංස්කරණ වැඩසටහනක් තුළින් අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට ශ්රී ලංකාව ගන්නා ක්රියාමාර්ග පෙන්වා දුන් බව ඊට සහභාගී වූ මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
තිරසාර සංවර්ධනය සඳහා අත්යවශ්ය වන ආර්ථික වර්ධනය ප්රවර්ධනය කිරීම සහ ආයතනික ධාරිතාව ප්රතිෂ්ඨාපනය කිරීම අරමුණු කරගත් ආයතනික සහ නීතිමය ප්රතිසංස්කරණ මෙම වැඩසටහනට ඇතුළත් බවත්, 2023 හදුන්වා දුන් දූෂණ විරෝධී පනත බලාත්මක කිරීම හරහා අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) ශක්තිමත් කිරීම මෙම ප්රයත්නයේ වැදගත් පියවරක් බව ද රාජ්ය අමාත්යවරයා පෙන්වා දී තිබේ.
මෙමගින් පොදු සුබසාධනය සහතික කිරීම සඳහා අල්ලස හා දූෂණය තුරන් කිරීම රජය අරමුණු කරයි.
අර්බුදයෙන් පසුව අවශ්ය ප්රතිසංස්කරණ සඳහා රජයේ ශක්තිමත් සහ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරමින් නව දූෂණ විරෝධී නීතිය දූෂණ අවදානම් විසඳීම සඳහා වඩාත් ශක්තිමත් නීතිමය රාමුවක් සපයන බව පෙන්වා දුන් රාජ්ය අමාත්යවරයා රාජ්ය මූල්ය සහ මූල්ය අංශ ශක්තිමත් කිරීම සෑම පුරවැසියෙකුගේම කැපකිරීම් සහ උත්සාහයන් තුළින් අත්කර ගත් ප්රගතිය බව සඳහන් කළේ ය.

WhatsApp Group

Skip to content