දුම්රිය ආසන සම්පූර්ණයෙන් ඔන්ලයි ක්‍රමයට වෙන් කිරීමේ වැඩපිළිවෙල සාර්ථක වී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාර මහතා පවසනවා.

ඒ අනුව ඔන්ලයින් ක්‍රමයට දුම්රිය ආසන වෙන් කිරීම ඉහළ ගොස් ඇති බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

මේ හේතුවෙන් ඉදිරියේදී දුම්රිය ගමන් වාර ඉහළ දැමීමටද කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා.

WhatsApp Group

Skip to content