මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇති පෙත්සමක් අද(18) දිනයේ සලකා බැලීමට නියමිතව තිබෙනවා.

මේ අතර මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 45ක් ලැබී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව වෙත දන්වා තිබෙනවා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් සිවිල් සංවිධාන, මාධ්‍ය නීති සංසදය, සමගි ජන බලවේගය, ජාතික ජනබලවේගය, සහ සමාජ සාධාරණත්ව පක්ෂය ආදී පක්ෂද පෙත්සම් ගොනුකර තිබෙනවා.

එසේම මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද අදාළ පනත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content