කැනඩාවේ, ඔටාවාහි ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය යළි කැඳවා තිබෙනවා.

එහිදී ඔටාවා අධිකරණය සඳහන් කර ඇත්තේ ඉදිරිපත්ව තිබෙන තොරතුරු සියල්ල විමර්ශනය කර ෆෙබ්‍රියෝ ද සොයිසාට මානසික ආබාධයක් තිබේද යන්න පරීක්ෂා කරන ලෙසයි.

මේ අනුව නඩුව ඉදිරි දිනකදී යළි කැඳවීමට තීරණය කළ ඔටාවා අධිකරණය නියෝග කළේ, කඩිනමින් මෙම 19 හැවිරිදි තරුණයා මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර එම වාර්තාව අධිකරණයට ලබා දෙන ලෙසයි.

කෙසේ වෙතත් ඔටාවා විශ්වවිද්‍යාලයේ මානසික සෙඛ්‍ය පිළිබඳ විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ මෙම ඝාතන සිද්ධියේ ස්වභාවය අනුව ෆෙබ්‍රියෝ ද සොයිසා මානසික ආබාධයකින් පෙළෙන්නෙකු විය හැකි බවටයි.

සැකකරුගේ මානසික සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ මාධ්‍යවේදීන් විමසා ඇති නමුත් ඔහුගේ නීතීඥවරයා ඊට පිළිතුරු දී ඇත්තේ තම සේවාදායකයා අරක්ෂිතව සහ හොදින් සිටින බවටයි.

මෙම සැකකරුට එල්ල වී ඇති චෝදනා වන්නේ ඔහු ජීවත් වූ බෙරිගන් ඩ්‍රයිව් නිවසේදී මවක් සහ ඇගේ දරුවන් සිව්දෙනා, පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම මෙන්ම, මෙම සිද්ධියෙන් දිවි ගලවා ගත් පවුලේ පියාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවයි.

 

WhatsApp Group

Skip to content