ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නොමැති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන් පවසනවා .

ඒ හේතුවෙන් සති දෙකකට ආසන්න කාලයක සිට එම පෙට්‍රල් ඇණවුම් නොලැබෙන බවයි ඔවුන් සදහන් කලේ .
එමෙන්ම දිවයින පුරා ඔක්ටේන් 95 පෙට්‍රල් නොමැති තත්වයකට පත්ව ඇති බවත් වාර්තා වනවා .

ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නිසි අයුරින් පවත්වාගෙන නොයාම මෙම තත්වයට හේතුවී ඇති බවද ඛනිජ තෙල් බෙදුම්කරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කළා .

WhatsApp Group

Skip to content