පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්. එම් ෆවුසි මහතාගේ පුත්‍රයා කොල්ලුපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්ලුපිටිය පාසල් මාවත ප්‍රදේශයේදී මාර්ගයේ ගමන්කරමින් සිටි අයෙකු අනතුරට ලක්කර අනතුරුව එම පුද්ගලයාට පහරදීම සම්බන්ධයෙනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණ සිදුකර ඒඑච්එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන අනතුරුව පොලිස් ඇප මත මුදාහැර ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content