වකුගඩු අක්‍රියතාවට ගොදුරු වී සිටින රෝගීන්ගේ කාන්දු පෙරන ප්‍රතිකාර සඳහා භාවිත කරන ඒවි ෆිස්ටුලා කැනයුලා (AV Fistula Cannula) නමැති කැනයුලා වර්ගය ද තත්ත්වයෙන් බාල බැවින් වහා ම භාවිතයෙන් ඉවත් කරන්නැයි වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂවරයා චක්‍රලේඛයක් නිකුත් කරමින් උපදෙස් දී තිබේ.

මෙම කැනයුලා වර්ගය ඉන්දියානු සමාගමක නිෂ්පාදනය කොට මෙරටට එවන ලද කැනයුලා තොගයකි. වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් තවත් නිර්වින්දන එන්නතක් වන ‘ප්‍රපොෆොල්’ නමැති එන්නත ද භාවිතයෙන් ඉවත්කොට ඇතැයි වාර්තා වේ.

එය ඉන්දියාවේ ‘නන්දනී මෙඩිකල් ලැබොරටරීස්’ නමැති ආයතනයක නිෂ්පාදනයකි.

මෙම ඖෂධ ඉවත් කරන්නැයි දන්වා ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල ඇතුළුව සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ශික්ෂණ රෝහල්වල අධ්‍යක්ෂවරුන්, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, ඇතුළු සියලු සෞඛ්‍ය ආයතනයන්හි ප්‍රධානීන් වෙත ද මෙම චක්‍රලේඛයෙහි පිටපත් විගණකාධිපතිවරයා, ඇතුළු විගණන අංශ වෙත ද යවා ඇත.

WhatsApp Group

Skip to content