ජා-ඇළ, ඒකල කාර්මික ජනපදයේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක අද පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ජා-ඇළ පොලිසිය කියා සිටියේ ගම්පහ, කටුනායක, මීගමුව යන ගිනි නිවීමේ ඒකක විසින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ගින්නෙන් දේපළ හානි සිදුව ඇති නමුත් ජීවිත හානි සිදුව ඇති බවට වාර්තා වන්නේ නැහැ.

ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ පහක් යොදා ගැනුණු බවත් වාර්තා වනවා.

 

WhatsApp Group

Skip to content