පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එළ ගවයින් අතර පැතිර යන රෝගයක් හේතුවෙන් මැදිගිරිය ප්‍රදේශයේ කිරි ගොවින් මේ දිනවල අසීරුතාවට පත්ව සිටිනවා.
එම ප්‍රදේශයේ එළ ගවයින් අතර කුඩා බිබිලි සහිත රෝගයක් පැතිර යන බවයි ඔවුන් පවසන්නේ.
රෝගය වැලඳීමෙන් දින 15 කට පසු එම සත්ත්වයින් මිය යන බව ද ගොවීන් පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන් මැදිරිගිරිය පශු වෛද්‍ය කාර්යාලයෙන් විමසූ විට ඔවුන් පවසා ඇත්තේ මෙම රෝගයට නිසි ඖෂධයක් තවමත් සොයා ගෙන නොමති බවයි.