උඩරට එළවළු මිල පහත වැටීම හේතුවෙන් උඩරට සහ මැදරට ගොවීන් අන්ත අසරණ තත්වයට පත්ව ඇති නමුත්, මිල අඩුවීමේ වාසිය ගොවීන් වෙත නොලැබෙන බව මාතලේ දිස්ත්‍රික් සජබ කණ්ඩායම් නායිකා රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

දඹුල්ල, කැප්පෙටිපොල, නුවරඑළිය හා ඇඹිලිපිටය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන් හි එළවළු හා පළතුරු මිල පහත වැටී තිබේ.  ගොවියාට නිෂ්පාදන වියදමට සරිලන ආදායමක් හිමි වන්නේ නැත.  අස්වැන්න නෙලීම, ආර්ථික මධ්‍යස්ථාන දක්වා ප්‍රවාහණය කිරීම සහ කොමිස් මුදල් ගෙවීමෙන් පසුව කිසිදු ආදායමක් හිමි නොවන තත්වයකට ගොවීන් පත්ව ඇත. මෙම තත්වය පාලනය කිරිම සඳහා රජය වහා මැදිහත් විය යුතුව ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් කවිරත්න මහත්මිය පවසයි.

එසේ වුව ද, ලංකාව පුරා ප්‍රධාන නගර සහ අර්ධ නාගරිකයේ තවමත් එළවළු මිල ඉහළ මට්ටමක පවතී. ගොවියාට ලැබෙන මිල සහ පාරිභෝගිකයා අතට පත් වන මිල අතර පරතරය තුන් ගුණයක් හෝ හතර ගුණයක් තරම් ඉහල ගොස් ඇත. සැපයුම් ජාල කලමනාකරණයේ නිරත අතරමැදියන් විසින් අධික ලාභ ලබා ගැනීම නිසා ගොවියා ද, පාරිභෝගිකයා ද අන්ත අසරණ තත්වයට පත්ව ඇත. 

කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ බීට් රු. 90 ද, ගෝවා රු. 50 ද, නෝකෝල් රු. 80 ද, කැරට් රු. 40 ද, රාඹු රු. 40 ද, තක්කාලි රු. 130 දක්වා ද,  පහත වැටී ඇත.  ගෝවා, කැරට්, රාබු, අස්වැන්න නෙලීම ගොවීන් විසින් අතපසු කරමින් සිටින්නේ වගාබිමේ සිට වෙළඳ මධ්‍යස්ථාන වෙත ගෙනයාමේ දී එයට වැඩි මුදලක් දැරීමට සිදු වන බැවිනි.

WhatsApp Group

Skip to content