රජය විසින් ලබන ජුනි 30 වන දා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොල ද එදින වෙළදපොල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව කොළඹ කොටස් වෙළදපොල විසින් දැනුම් දී තිබෙනවා.

මීට පෙර රජය විසින් එළඹෙන සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මහබැංකු අධිපතිවරයා කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන් අවසන් කිරීම සදහා අවශ්‍ය කාලය ලබා ගැනීමට ජුනි 30 වන දා බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බවයි.

එමෙන්ම එම කාලසීමාව තුළ ඒ ටී එම් යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීම සහ ඔන්ලයින් බැංකු ගනුදෙනු මෙන්ම අන්තර්ජාලය හරහා සිදු කෙරෙන බැංකු කටයුතුවලට ද කිසිදු බාධාවක් නොමැති බවයි මහ බැංකු අධිපතිවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් කියා සිටියේ.

 

WhatsApp Group

Skip to content