ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා එළඹෙන බ්‍රහස්පතින්දා දින මෙරට සංචාරය කිරීමට නියමිත බව ඉරාන මාධ්‍ය පවසනවා.

 

ඉරාන ජනාධිපතිවරයා පාකිස්ථානයේ සිදුකරන ලද සංචාරකයකින් අනතුරුව මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

 

මේ අනුව අනිද්දා දින ජනතා අයිතියට පත් කරන උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන ලද ආරාධනයකට අනුවයි ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ.

WhatsApp Group

Skip to content