තඹුත්තේගම ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතාට ජනතාවගෙන් විරෝධයක් එල්ල වී තිබෙනවා.

ඒ මන්ත්‍රීවරයා ප්‍රදේශවාසීන් සමඟ සාකච්ඡාවකට තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදීයි.

තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජල ව්‍යාපෘතියක් ලබාදීමේ විශේෂ සාකච්ඡාවක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ සහෝදරයෙකු වන උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රන්ජිත් මහතා ඊයේ එම ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

එහිදී රැස්ව සිටි පිරිසගෙන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට විරෝධයක් එල්ල වූ බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට ආරක්ෂක නිලධාරීන් පියවර ගනු ලැබුවා.

WhatsApp Group

Skip to content