ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි අදියරේ තරග කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී ලබන 13 වනදා සිට එම තරග පැවැත්වෙන බවයි.

ඒ අනුව ලබන 13 වනදා ජැෆ්නා කින්ග්ස් සහ කැන්ඩි ෆැලැන්කන්ස් කණ්ඩායම් තරග වැදීමට නියමිතව තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගවල ප්‍රවේශපත් අලෙවිය ද මේ වන ආරම්භ කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

WhatsApp Group

Skip to content