එල්.ටී.ටී.ඊ සංවිධානයට පනවා ඇති තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.
එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම් තවමත් ඉන්දියාවේ ඒකීයත්වයට හා ආරක්ෂාවට තර්ජනයක් බවයි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.
ඒ අනුව මෙම තීරණය ගැනීමට කටයුතු කර තිබෙනවා.
එල්.ටී.ටී.ඊ සංවිධානය ජනතාව අතර බෙදුම්වාදයක් ඇතිකිරීම සදහා කටයුතු කරමින් සිටින අතර තමිල්නාඩුවේ ඒ සදහා ආධාර හා උපකාර හිමිවන බවයි එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත්තේ.
2009 වසරේ මැයි මාසයේ දී ශ්‍රී ලංකා රජය එල්.ටී.ටී.ඊ ය පරාජය කළද ඊලාම් රාජ්‍යයක් සදහා වන අදහස එම සංවිධානය අතහැර නොමැති අතර ඒ සදහා අරමුදල් රැස්කරමින් රහසිගතව කටයුතු කරමින් සිටින බවද එහි සදහන්.
එමෙන්ම ඉතිරිව සිටින එල්.ටී.ටී.ඊ නායකයින් හෝ සාමාජිකයින් යළි එක්රැස්කර දේශීයව හා ජාත්‍යන්තරව එම සංවිධානය යළි පණගැන්වීමේ උත්සාහයන් ද ආරම්භ කර ඇති බවයි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content