එල්.ටී.ටී.ඊ තහනම තවදුරටත් පවත්වා ගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

එක්සත් රාජධානියේ තහනම් සංවිධාන ආභියාචන කොමිසම එල්.ටී.ටී.ඊ තහනම ඉවත් නොකළ යුතු බවට නියෝග කර තිබෙනවා.

එරට මහාධිකරණ විනිසුරුවෙක් ප්‍රධානත්වය දරන එම කොමිසම එරට පාර්ලිමේන්තුව මගින් ස්ථාපනය කළ ස්වාධීන අධිකරණයක් වනවා.

WhatsApp Group

Skip to content