එමිරේට්ස් හී අඩු වියදම් ගුවන් සේවය වන එයාර් ඇරබියා ලබන වසරේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර සතිපතා ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කරන බව නිවේදනය කර තිබෙනවා.

2024 වසරේ ජනවාරි 03 වනදා සිට අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර ගුවන් ගමන් ආරම්භ කරන බවයි එම ගුවන් සමාගම ප්‍රකාශ කර ඇත්තේ.

මේ අනුව ශ්‍රී ලංකාව එයාර් ඇරබියා සමාගමේ 34 වන ගමනාන්තය වනු ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content