එක්සත් අරාබි එමීර් රාජ්යයේ මෙරට තානාපතිවරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා අතර මෙරට පුනර්ජනනීය බලශක්තිය සදහා වන ආයෝජන අවස්ථා සහ උපාය මාර්ගික බලශක්ති සම්බන්ධතා සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ(12) පැවැත්විණ.
එක්සත් අරාබි එමීර් රාජ්යය මේ වනවිට පුනර්ජනනීය බලශක්තිය හා බලශක්ති සංවර්ධනය සම්බන්ධයෙන් සීඝ්ර සංවර්ධනයක් ලබාගෙන ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්යයේ ආයෝජකයන් හට වඩාත් ආකර්ෂණීය මෙන්ම ගැළපෙන ආයෝජන අවස්ථා උදා කිරීම සඳහා වන ව්යාපෘති හඳුනාගෙන, නව සුදුසු ආයෝජන වෙනුවෙන් අවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා මෙරටට ආරාධනා කිරීම සහ වැඩපිළිවළක් සකස් කිරීම පිළිබඳ මෙහි දී සාකච්ඡා කරනු ලැබුණි.

WhatsApp Group

Skip to content