දේශීය සමාගමක් විසින් නිෂ්පාදිත එන්නත් වර්ග 8 ක් සදහා ලබා දී ඇති ලියාපදිංචිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමකට අදාළව විරෝධතා ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු එහි වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

එක්සත් මානව හිමිකම් සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ඔක්තෝම්බර් මස 02 වන දා ගොනු කරන ලෙසට අධිකරණය විසින් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලධාරින් ඇතු`ඵ පිරිසකට නියෝග කර තිබෙනවා.

WhatsApp Group

Skip to content