වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාවල ඇති කොරෝනා සමයේ ලබාදුන් එන්නත් ලක්ෂ 70 ක් පමණ කල් ඉකුත් වී ඇති බව “මගෙන් රටට” සංවිධානය පවසනවා.

එහි සභාපති සංජය මහවත්ත මහතා පැවසුවේ රජය විසින් ඉදිරි සති 2 ඇතුළත එම එන්නත් විනාශ කර දැමීමේ සූදානමක් පවතින බවයි.

එවකට සෞඛ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ චන්න ජයසුමන මහතා මෙන්ම එම ලේකම්වරුන් මෙයට වගකිවයුතු බව ද ඔහු චෝදනා කළා.

මේ අතර සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසුවේ මෙම දිනවල කොවිඩ් රෝගීන්ගේ පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සෑහිමකට පත්විය නොහැකි බවයි.

https://www.vnews.lk/storage/2023/12/RAVI-KUMUDESH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content