රාගම රෝහලට ඇතුළත් කළ විසිතුන් හැවිරිදි එක් දරු මවකට රෝහලෙන් ලබා දුන් එන්නතකින් පසුව ඇති වූ අසාත්මිකතාවයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වෙනවා.

උදරයේ ඇති වූ අබාධායක් සඳහා ප්‍රථිකාර ගැනීමට සඳහා අදාළ කාන්තාව රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ජාඇල උතුරු බටගම ප්‍රදේශයේ පදිංචි විසිතුන් හැවිරිදි එක් දරු මවක්.

රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය ජේ.සී.බි.පොලොන්වල නියමනය කර ඇත්තේ කාන්තාවගේ ශරීරයට විෂබීජයක් ඇතුල් විම නිසා එයට ප්‍රථිකාර වශයෙන් ඇයට ලබාදුන් එන්නතක් අසාත්මික වීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

WhatsApp Group

Skip to content