බලපත්‍ර නොමැතිව එතනෝල් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු එගොඩ උයන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලීටර්1300 කට අධික ප්‍රමාණයක් බැරල් හතක අසුරා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී එගොඩ උයන ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

සුවඳ විලවුන් නිෂ්පාදනයට යැයි පවසා මත්පැන් සැකසීමට මෙම එතනෝල් රැගෙන යමින් තිබූ බව පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියදුරු සහ එතනෝල් තොගය අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content