එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය හෙට පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.
පස්වරු 02.00ට එය පැවැත්වීමය නියමිත බවයි වාර්තාවන්නේ.

එහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ යෝජනාවට අනුමැති ලබා ගැනීමට නියමිත බව සඳහන්.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් මෙම සම්මේලනය පැවැත්වීමට නියමිතයි.

සමගි ජනබලවේගයේ සිට ජනාධිපතිවරයාට සහය පළ කිරීමට පැමිණි සියලු මන්ත්‍රීවරුන් මෙහි විශේෂිත ආරාධිතයින් ලෙස සහභාගී වන බව සඳහන්.

WhatsApp Group

Skip to content