එළැඹෙන මහ මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද (27) පැවැත්වීමට නියමිත බවට වාර්තා වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

2024 ජනවාරි සිට නව නිලධාරී මණ්ඩලයක් සමඟ එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පවතින තත්ත්වය හමුවේ මෙම නව නිලධාරී මණ්ඩලය ද තීරණාත්මක සාධකයක් වන අතර එළැඹෙන වසරේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ වෙනුවෙන් මෙම නිලධාරී මණ්ඩලයට විශාල වගකීමක් ද පැවරෙන බව සඳහන්.

ඒ අනුව අද දිනයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව තීරණාත්මක සාකච්ඡාවක් වනු ඇති බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ.

මේ අතර ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම ලබන වසරේ දී පැවැත්වෙන බව ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී පවසා සිටී නමුත් එම මැතිවරණයන් කිනම් වකවානුවක පැවැත්වෙන්නේද යන්න මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.

WhatsApp Group

Skip to content