ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණ්‍යක් පවත්වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් සැරසෙන බවට වාර්තා වනවා.

ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමක් ගොඩ නගා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

අදාළ ප්‍රබලන් පිරිස ජනාධිපතිවරයා දැනුවත් කිරීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරණයක් මුලින් පවත්වා මහ මැතිවරණයක් පැවැත්වුවහොත් මහ මැතිවරණයේදී පක්ෂයේ ප්‍රචාරක කටයුතුවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොමැති වීම විශාල පාඩුවක් බවටයි.

එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයුම් කමිටුව රැස්වී මේ සම්බන්ධයෙන් නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනුම්දීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content