එච්.අයි.වී. හඳුනාගැනීමේ විශේෂ සායන මාලාවක් දිවයින පුරා ආරම්භ කර තිබෙනවා.

ලබන දෙසැම්බර් මස 1 වනදාට යෙදෙන ලෝක ඒඩ්ස් දින සැමරුම නිමිත්තෙන් මෙම වැඩසටහන ආරම්භ කරන බවයි ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කලේ.

සායන 25 කදී මෙම පරීක්ෂණය පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සුරකින පරිදි සිදු කළ හැකි බවටයි ඇය ප්‍රකාශ කර සිටියේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0112 696 433 අංකය ඇමතීමෙන් ලබාගත හැකියි.

WhatsApp Group

Skip to content