ශ්‍රී ලංකාව විසින් අඛණ්ඩව මෙවර ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ප්‍රතික්ෂේප කර තිබෙනවා .

ජීනිවා නුවර එක්සත් ජාතින්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වන හිමාලි අරුණතිලක මහත්මිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවට පිළිතුරු ලබාදෙමිනුයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජීනිවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය පැවසුවේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ මෙම ලිඛිත වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ වත්මන් වාතාවරණය සැබෑ ලෙස නිරූපනය නොවන බවයි .

පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව අත් කරගත් ආර්ථික, සාමාජීය සහ මුල්‍ය ස්ථාවරත්වය දේශිය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්ව තිබෙන බවද ඇය මෙහිදී ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content