එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසිවාරය අද ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතයි.

මෙම සැසිවාරය අද සිට ලබන මස 14 වන දා දක්වා පැවැත්වෙනු ඇති.

මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාචික ප්‍රකාශයක් ලබන 21 වන දා සිදු කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවර සැසිවාරයේදී විවාදයක් සිදු නොකරන බව සදහන්.

මේ අතර නිදහස ජනතා සභාවේ නියෝජිත, හිටපු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ඇති බවයි.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/06/G.L-PIRIS-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content