එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අද දිනයේ සිට ලබන 21 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 21 වැනිදා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය සිදු කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එම සැසිවාරයට සමගාමීව අද පැවැත්වෙන 2023 තිරසර සංවර්ධන ඉලක්ක සමුළුයේ රාජ්‍ය නායක සමුළුව සඳහා ද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතයි.

එමෙන්ම අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සමුළුවට එක්ව සිටින රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වන බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

මේ අතර ජනාධිපතිවරයා සමුද්‍රීය ජාතීන් සඳහා වන ඉන්දු පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදය සඳහා ද එක් වීමටයි නියමිතව ඇත්තේ.

WhatsApp Group

Skip to content