දේශපාලන පළිගැනීම් වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය කර තිබෙනවා.

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටුවෙන් නිගමනය කරන ලද 66 දෙනෙක් සඳහා මුලින්ම වන්දි ගෙවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා සඳහන් කලේ.

1994 වසරෙන් පසු දේශපාලන පළිගැනීම් වලට ලක්ව රුපියල් ලක්ෂ දහයට වඩා අලාභ සිදුවූ බවට නිගමනය කෙරුණ 66 දෙනෙකු සඳහා මෙලෙස වන්දි ලැබෙනු ඇති.

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටුව වත්මාන ජනාධිපතිවරයා බලයට පත්වූ අවස්ථාවේදීයි නිර්මාණය කෙරුනේ.
ඒ නුව එම කමිටුවට පැමිණිලි එකසිය 164 ක් ලැබී තිබුනා.

එම පැමිණිලි වලින් 66ක් සඳහා වන්දි අනුමත කෙරුණු අතර සෙසු පුද්ගලයන් ඉදිරිපත් කළ අභියාචනා සලකා බලා සුදුසු වන්දි මුදල් තීරණය කිරීමට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටු කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කරන ලෙසයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත්තේ.

කමිටුවට ඉදිරිපත් කෙරෙන අභියාචනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායකවරුන් හරහා වැඩිදුර විමර්ශන කර අදාළ මාස දෙකක කාලයෙන් පසු ඔවුන්ට ද සුදුසු පරිදි වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බවයි පක්ෂ මහ ලේකම්වරයා සන්දාහං කලේ.

WhatsApp Group

Skip to content