ජනවාරි මස පළමුවනදා සිට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු නව නායකත්ව මණ්ඩලය හරහා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා .

ඒ අනුව ඉදිරියට පක්ෂයේ තීරණ ගැනීමේ හා බලතල ක්‍රියාත්මක කිරීමේ වගකීම් පැවරෙන්නේ මෙම නායකත්ව මණ්ඩලය හටයි

රුවන් විජේවර්ධන, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, හරීන් ප්‍රනාන්දු, නවීන් දිසානායක සහ වජිර අබේවර්ධන යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂයේ මෙම නව නායකත්ව මණ්ඩලයට පත්කර ඇති බව වාර්තා වනවා .

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස මැතිවරණ සඳහා ඉදිරිපත් නොකරන පූර්ණ කාලීනව පක්ෂ කටයුතුවල නිරත විය හැකි පුද්ගලයෙකු පත්කිරීමට නියමිතයි .

WhatsApp Group

Skip to content