එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අද පැවැත්වීමට නියමිතයි.

ඒ පක්ෂ නායක , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවැත්වෙන මෙම සම්මේලනය පස්වරු 02 ට ආරම්භ කිරීමට නියමිතයි.

රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ යෝජනාවට අනුමැතිය ලබා ගැනීමද මෙහිදී සිදුකෙරෙනු ඇති.

ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට පැමිණි මන්ත්‍රිවරුන්ද විශේෂ ආරාධිතයින් ලෙස මෙම සම්මේලනයට එක්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content