එක්සත් ජනරජ පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානයක් නුදුරු දිනයකදීම නිර්මාණය කරන බව එම පෙරමුණේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසනවා.

ඒ අනුව එම සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තමාට ලබා දුනහොත් එය භාරගන්නා බවයි කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සදහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට පක්ෂ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සුදුසු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ මහතා පවසනවා.

වී.එෆ්. එම් ගුවන් විදුලියේ අද පෙරවරුවේ පැවති සිද්ධමුල්ල කාලීන වැඩසටහනට දුරකථනයෙන් එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

WhatsApp Group

Skip to content