එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කේලර්, අද දිවයිනට පැමිණෙනවා.
ඔහු 2021 වසරෙන් පසු ශ්‍ර ී ලංකාවට පැමිණෙන ඉහලම මට්ටමේ එරට හමුදා නිලදාරියායි.

මෙම සංචාරයේදී අද්මිරාල් කේලර් සවිමත්, තිරසාර, නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා, එක්සත් ජනපදය සහ ශ්‍ර ී ලංකාව අතර පවතින ශක්තිමත් සහයෝගිතාවය යළි තහවුරු කරනු ඇති බව එක්සත් ජනපද තානාපති කාර්යාලය පැවසුවා.

ඉන්දු පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන හවුල්කරුවෙකු වන ශ්‍ර ී ලංකාව සමඟ ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපදයේ ඇති, දැඩි කැපවීම මෙම සංචාරය මගින් අවධාරණය කරන බවද ඔවුන් නිකුත් කළ නිවේදනයක සදහන්.

මේ අතර, ත්‍ර ිවිධ හමුද සාමාජිකයන්ට ලබා දී ඇති හිමිකම් කප්පාදු කිරීමට රජයට කිසිදු අදහසක් නොමැති බව, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් පැතිර යන තොරතුරු අසත්‍ය බවයි ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේ.

WhatsApp Group

Skip to content