2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නව නැරඹුම් වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කළ තරගාවලියක් නැරඹීමට පැමිණි වැඩිම ප්‍රේක්ෂකයින් ප්‍රමාණය මෙවර තරගාවලියේ දී වාර්තා කරමින්.

සති හයකට වැඩි කාලයක් ඉන්දියාවේ පැවැති ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව 1,250,307 ක් බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සදහන් කළේ.

මීට පෙර වැඩිම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කළ තරගාවලියක් නැරඹීමට පැමිණ තිබුණේ 2015 ලෝක කුසලානයේ දී යි.

නවසීලන්තයේ දී හා ඕස්ටේ‍රලියාවේ දී පැවැති එම තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයින් දස ලක්ෂ 16,420 ක් පැමිණ තිබුණා.

එංගලන්තයේ දී හා වේල්ස් හී දී පැවැති 2019 ලෝක කුසලානය නැරඹූ ප්‍රේක්ෂකයින් ප්‍රමාණය හත් ලක්ෂ 52,000 ක් ලෙසයි වාර්තා වුණේ.

WhatsApp Group

Skip to content