එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 31 වැනි තරඟයෙන් කඩුළු 07ක ජයක් වාර්තා කිරීමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 45යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 204ක් රැස් කළා.

එහිදී මහ්මුදුල්ලාහ් ලකුණු 56, ලිටොන් දාස් ලකුණු 45ක් සහ ශකිබ් අල් හසාන් ලකුණු 43ක් රැස් කළා.

පන්දු යැවීමේදී ශහීන් ශාහ් අෆ්රිඩි සහ මොහොමඩ් වසීම් කඩුළු 03 බැගින් බිද හෙළුවා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 32යි පන්දු 3ක් අවසානයේ කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 205ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ෆකාර් සමාන් ලකුණු 81ක් රැස් කළා.

පන්දු යැවීමේදී මෙහෙදි හසාන් මිරාස් කඩුළු 03ක් බිඳ හෙළුවා.

මෙම තරඟ පරාජයත් සමග බංග්ලාදේශයට එක්දින ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත්වීමට සිදු වුණා.

WhatsApp Group

Skip to content