ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව වටයේ තරගය අද ආරම්භ වනවා.

ඒ අනුව පළමු අවසන් පූර්ව වටයේ තරඟය ලෙස සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ නවසිලන්ත කණ්ඩායම අද තරඟවැදීමට නියමිතයි.

ඉන්දියාවේ මුම්බාහි වංකඩේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරඟය අද පස්වරු 2 ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

මේ වන විට තරගාවලියේ ඉන්දීය කණ්ඩායම අපරාජිතව පසුවන අතර නවසිලන්තය කණ්ඩායම තරග 5 ක් ජයගනිමින් මෙම තරගය සදහා සුදුසුකම් ලබා ගත්තා.

WhatsApp Group

Skip to content