සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ඊයේ රාත්‍රියේදී ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ සමග ඉන්දියාවට එරෙහිව ද්විපාර්ශ්වික එක්දින තරගාවලියක් වසර 27 කට පසුව ජය ගැනීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණේ.
දෙරට අතර පැවැති අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව , ඉන්දියාව පරදා ලකුණු 110 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7 ක් දැවී ලකුණු 248 ක් ලබා ගත්තා

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 26 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 138 ක් පමණයි.

එහිදී රෝහිත් ෂර්මා ලකුණු 35 ක්, වොෂින්ටන් සුන්දර් ලකුණු 30 ක් හා විරාත් කෝලි ලකුණු 20 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 27 කට කඩුලු 5 ක් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ හා ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 96 ක් කුසල් මෙන්ඩිස් ලකුණු 59 ක් සහ පැතුම් නිස්සංක ලකුණු 45 ක් රැස් කළා.

රියාන් පරාග් ලකුණු 54 කට දවා ගත කඩුලු සංඛ්‍යාව 03 ක්.

එමෙන්ම ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව අවසන් වරට එක්දින තරගාවලියක් ජය ගෙන තිබුණේ 1997 වසරේ දීයි.

WhatsApp Group

Skip to content