ඕස්ටේ්‍රලියාව සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

පළමු එක්දින තරග 2 ක සඳහා කේ.එල්. රාහුල්ගේ නායකත්වයෙන් ද අවසන් එක්දින තරඟය සඳහා නිත්‍ය නායක රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් ද ඔවුන් තරග වැදීමට නියමිතයි.

රවිචන්ද්‍රන් අශ්වින් හා වොෂින්ටන් සුන්දර් මෙම තරග 3 සඳහා නම් කර ඇති අතර, පළමු තරග දෙකෙන් රෝහිත් ෂර්මා, විරාට් කෝලි, හර්දික් පාණ්ඩ්‍යයා හා කුල්දිප් යාදව් විවේක ගන්වා තිබෙනවා.

මෙය ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් එක්දින තරගාවලියයි.

WhatsApp Group

Skip to content