සංචාරක ඕස්ටේ‍රලියානු කණ්ඩායමට එරෙහිව පැවති 05වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 122ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 315ක්.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේ‍රලියානු කණ්ඩායමට පන්දුවාර 34යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 193ක් පමණයි.

WhatsApp Group

Skip to content