පුත්තලම, සිරිසර වත්ත ප්‍රදේශයේ දී පාසල් වයසේ පසුවන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු අපයෝජනය කිරීමේ සිද්දියට අදාළ සැකකරුවන් රක්ෂිත බන්දනාගාර ගත කර තිබෙනවා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අවුරුදු 24 ත් 39 ත් අතර වයස්වල පසුවන සකකරුවාන් සිව් දෙනා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.
අපයෝජනයට පත් සිසුවියන්ගේ මව සිදුකල පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුනා.

WhatsApp Group

Skip to content