යාපනය – වඩුක්කෝට්ටේ – පොන්නාලේ ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක් විසින් අඹුසැමි යුවළක් පැහැරගෙන ගොස් 24 හැවිරිදි සැමියා තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඔහු සහ බිරිඳ යතුරු පැදියකින් ගමන් කරමින් සිටින අවස්ථාවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඊයේ රාත්‍රීයේ ඔවුන්ව පැහැරගෙන ගොස් ඇති අතර පසුව බිරිඳ මහ මග දමා ස්වාමියා මෝටර් රථයේ නංවාගෙන ගොස් පහර දී ඝාතනය කර තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content