සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින පුහුණු ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

වොස්ටර් හී දී පැවැත්වෙන තරගය ඊයේ දිනය සදහා ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ලයන්ස් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 145 ක් ලබා සිටියා.

ඊයේ දිනය නිමා වන විට ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 324 ක්.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් හම්සා ෂයික් රැස් කළ ලකුණු සංඛ්‍යාව 91 ක්.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 102 කට කඩුලු 5 ක් දවා ගත්තා. කසුන් රාජිත කඩුලු 2 ක් බිද හෙලූ අතර, ලහිරු කුමාර හා මිලාන් රත්නායක කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 139 ක් පමණයි.

දිමුත් කරුණාරත්න ලකුණු 26 කටත්, නිශාන් මදුෂ්ක ලකුණු 11 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී සමාන් අක්තර් ලකුණු 32 කට කඩුලු 5 ක් දවා ගත්තා.

ඒ අනුව එංගලන්ත ලයන්ස් පළමු ඉනිම නිමා වන විට ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 185 ක්.

WhatsApp Group

Skip to content