සංචාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 4 කින් ජය ගන්නට එංගලන්ත යොවුන් කණ්ඩායම සමත් වුණා.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ තරගයේ එක් ඉනිමක් පන්දුවාර 45කට සීමා කිරීමටයි තරග තීරකවරයා කටයුතු කළේ.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත යොවුන් කණ්ඩායම පන්දුවාර 45ක් අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 268ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පන්දුවාර 44 යි පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවුණේ ලකුණු 260ක් පමණයි.

WhatsApp Group

Skip to content